Posts

ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ

Image
ලාංකීය ජනයා පුරාණයේ සිටම විවිධ ඇදහිලි විශ්වාස ඤාති කොටගෙන පැමිණෙයි. ස්‌වභාවිකත්වය දේවත්වයට ආරෝපණය කිරීම, මළවුන් පිදීම, යක්‍ෂයන්ට දොල පිදේනි දීම, දෙවියන්ට පූජා පැවැත්වීම යනාදිය ඒ අතර ප්‍රමුඛ වේ. බොහෝවිට මේවා'උපද්‍රව ගෙන ඒය' යන බියමුසු භක්‌තියකින්ද සශ්‍රීකත්වය ළ`ගා කර ගැනීමට ද සිදු කෙරිණී. ඒ හා සම්බන්ධ පුදපූජාදියද ඊට සමගාමීව ක්‍රියාත්මක වෙමින් පැමිණේ. යථෝක්‌ත ඇදහිලි විශ්වාස හා තදාශ්‍ර්‍ර්‍රsත ශාන්ති කර්මාදිය බුදුදහමට පටහැනි ක්‍රියාවක්‌ ලෙස ගැමියෝ කිසිදින නොසිතූහ. අසාධ්‍ය රෝග සුව කිරීමාදී පෞද්ගලික පරමාර්ථද කෙත්වතු සශ්‍රීකත්වය, වසංගත රෝගාදී පොදු පරමාර්ථ ද ශාන්ති කර්මයන්ට අරමුණු වේ. උවදුර, ප්‍රදේශය, විශ්වාසවල ස්‌වභාවය යනාදිය මත ශාන්ති කර්ම විවිධ වෙයි. මෙම ලිපිය මගින් තත් ශාන්ති කර්ම හා ඒ ආශ්‍රිතව දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‌ෂණ පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරේ. සන්නි යකුම   සන්නි යකුම වූ කලී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදු කරන යාතු කර්මයකි. මෙයින් ප්‍රමුඛ සම්ප්‍රදාය තුනකි. ඒ බෙන්තර, රයිගම හා මාතර සම්ප්‍රදායයන්ය. සන්නි යකුමෙහි විශේෂත්වයක්‌ වන්නේ යකැදුරන් සන්නි දහ අට මවා පෑමයි. මෙහිදී සන්නි යකු

රංග භූමි

Image
රංග භූමිය යනු ? නාට්‍යයක් රඟ දක්වන ඕනෑම ස්ථානයක් රංග භූමියක් වශයෙන්  හඳුන්වනු ලබයි. රංග භූමියක තිබිය යුතු මුලික  ලක්ෂණ . රංග භූමිය සමතලා භූමියක් විය යුතුයි. රඟපෑම්ට ප්‍රමාණවත් අවකාශයක් තිබිය යුතුයි. ප්‍රේක්ෂක පිරිසකට පහසුවෙන් නැරඹිය හැක්කේ පිහිටා තිබිය යුතුයි. රංගන ශි ශිල්පීන්ට අවශ්‍ය අවම පහසු පහසුකම් වලින් වත් රංගභූමි සමන්විත විය යුතුයි. ප්‍රමාණවත් ආලෝකයක් තිබිය යුතුයි . රංග භූමියේ  විකාශනය. අපි බලමු කොහොමද රංග භූමි විකාශනය වුණේ  කියලා. දඩයම් යුගයේ මිනිසා ගිනිමැලය වටා සිය රංගනය ඉදිරිපත් කළා. ප්‍රථම රංග භූමිය විදියට එය  නම් කළ හැකියි. අතීත ග්‍රීක වැසියන් දියෝනීසස් දෙවියන්ට පූජෝපහාර කිරීම සඳහා පොලිස් කඳු පාමුල දහස් ගණන් එකතු වූයේ ගීතිකා කියමින් රංගන කටයුතු කර එම ස්ථානය පසුකාලීනව භූමියක් බවට පරිවර්තනය  වුණා. ොව පැරණිම රංග භූමියක් ලෙස ග්‍රීක වේදිකා හැඳින්විය හැකියි . https://www.youtube.com/watch?v=PswU6wjhPnk ඉන්පසු අභිචාර ක්‍රම අසුරු කොටගෙන ශාන්තිකර්ම බිහිවුණා. ශාන්තිකර්ම රඟදක්වන ලද  ස්ථානය යාග භූමිය  හැඳින්වූවා.    පසුකාලීනව   ගැමි  

ග්‍රීක නාට්‍ය කලාවේ ඉතිහාසයය

ඩයොනීසස් දෙවියන් උදෙසා රඟ දැක්වූ මුල් කාලීන පුද පූජා. මේවා රඟ දැක්වූයේ එළිමහන් බිමකයි. ඒ සඳහා පුද පූජා පිණිස පැමිණ සිටි සැවො ම සහභාගී වී ඇත. මේ අවස්ථාවේ දී ගැයුණු Dithyram ගීතිකා ග්‍රීක කේදාන්ත නාට්‍යයේ ඇරඹුම ලෙස ද සැලකේ. මුල දී අසංවිධානාත්මක ව තිබූ මෙම රංගනයන් ක්‍රි.පූ. 600 දී පමණ Arion නම් කවියා ගේ මැදිහත් වීම මත මුල් වරට සංවිධානාත්මක ස්වරෑපයකට පත් වූ බව සැලකේ. ඔහු පනස් දෙනෙකුගෙන් යුත් ගායන නර්තන වෘන්දයක් පුහුණු කළ බව සඳහන් වේ. ඔවුන් නර්තනයේ යෙදී ඇත්තේ වක්‍රාකාර ව ස්ථාන ගනිමින් බව ද පල වේ. මෙම කණ්ඩායවට පසු කාලීන ව නායකයෙක් ඇති වූ අතර ඔහු Narrator නම් විය. ඒ අනුව ඔහු සහ පිරිස අතර උත්තර ප්‍රත්‍යුත්තර හුවමාරැ වීම ඇරඹී ඇත (රණවීර 1991, 12) මුල දී මෙම රඟ දැක්වීම් සිදු කර ඇත්තේ එළිමහන් කඳු බෑවුමක ය. මෙහි දී කිසි දු ආකාරයක වේදිකාවක්, ගොඩනැගිල්ලක් හෝ ආවරණයක් භාවිත කර නැත. නමුත් කාලයත් සමග පෙර කී Narrator සාමූහික වෘන්දය ඇමතීම සඳහා මේසයක් වැනි උස් තලයකට නැගි බව සඳහන් වේ. ප්‍රේක්ෂකාගාර සංකල්පයට පෙර වේදිකාව නම් සංකල්පය සඳහා මූලික වූ පියවර මෙය බව සඳහන් කළ හැකි ය. ඒ අනුව මෙම ඩයොනීසස් පුද පූජා ත

ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භය

 ග්‍රීක නාට්‍ය කලාවේ ඇරඹුම ලෙස සනිටුහන් වන්නේ Middle Archaic Period හි මධ්‍ය භාගය වන, දළ වශයෙන් ක්‍රි.පූ. 6 වන සියවසේ අවසන් වකවානුවයි. එම යුගයේ පටන් නාට්‍ය කලාවක් යැ යි නො දැන ආරම්භ වූ මෙම නාට්‍ය කලාව ඒ ඒ සමයන්හි දී ක්‍රමික විකාශනයකට ලක් වෙමින් ස්වභාවික කඳු ආශ්‍රිත පහත් බිමක රංගගත කිරීමේ සිට අති විශිෂ්ට තාක්ෂණයක් භාවිතයෙන් නිම වූ සුවිසල් රංග පීඨ දක්වා වර්ධනය වූ වේදිකාවේ විකාශනය ද ඔස්සේ අත් කර ගනු ලැබූ ඉමහත් දියුණුව සාකච්ඡාවට ලක් කළ යුත්තකි. උක්ත උධෘතය යටතේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ග්‍රීක ප්‍රේක්ෂකාගාරටය් ආරම්භය සහ වර්ධනය පිළිබඳ ව යි. එහෙත් නාට්‍ය කලාවකින් තොර නාට්‍ය රඟමඬලක් පිළිබඳ ව සඳහන් කළ නො හැක. එහෙයින් මෙහි දී ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භයේ සිට එහි වර්ධනීය අවධි ඔස්සේ යමින් ඒ හා සමග ම ක්‍රමයෙන් විනසනයට පාත්‍ර වූ ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ අභිවර්ධනය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. ග්‍රීසියේ නාට්‍යාරම්භයට පසුබිම ග්‍රීසියේ නාට්‍යාරම්භය පිළිබඳ ව විමසා බලන කල්හි ලොව සෑම ශිෂෟටාචාරයකට ම පාහේ පොදු වූ සාධකයක් ඉතා පැහැදිලි ව හෙළි වේ. එනම්, සෑම ශිෂ්ටාචාරයක ම පාහේ ග්‍රීසියේ ද
ආයුබෝවන් ඔයාල හැමෝම  මම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා  ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව මෙන්ම ලෝක නාට්‍ය කලාව ගැන මා සතු  දැනුම හුවමාරු කරගන්න   කැමතියි.
Image
සිංහල නාට්‍ය කලාවේ ඉතිහාසය     දඩයම් යුගයේ ජීවත් වූ මිනිසා සිය ආහාර සපයා ගැනීම සඳහා දඩයමේ  ගොස් සතුන් මරාගෙන පැමිණි රාත්‍රි කාලයේ ගිනිමැලය වටා එක්රොක් වී එම ආහාර භුක්ති විඳිමින් තමා දඩයම් කළ ආකාරය අනෙක් පිරිස ඉදිරියේ රඟ දක්වමින් ඉදිරිපත්   කරන ලදී. ලාංකීය නාට්‍ය කලාවේ මූලාරම්භය මේ යුගයේ ඇති වූයේ යැයි නිගමනය කළ හැකිය.   කල්යත්ම  ජනයා ගස් ගල් ආදිය හා මළගියවුන්ට දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන ලදී. මේ කරන ලද අභිචාර ක්‍රම වලta නාට්‍ය කලාවේ  අංකුර  අවස්තා දැකගත  හැකිය. පසුකාලීනව ගොවි  යුගයේ මිනිසා  තම  අස්වැන්න කපා පාගා විවේක සුවයෙන් ගත කළ කාලයේ කමත  ආශ්‍රිත කොට ගෙන  දෙවියන් පිදීම අරමුණු කොටගෙන හා   විනෝදාස්වාදය උදෙසා  සොකරි නම්  ජන නාට්‍යයක් උඩරට ප්‍රදේශයේ ආශ්‍රිතව  රඟදක්වන ලදි.   සොකරි ජන නාට්‍යයේ නාට්‍යමය  ලක්ෂණ දැක ගත හැකිගත    පසුකාලීන  යුගයේ පහත රට ප්‍රදේශ ආශ්‍රිතව කෝලම්  නම් ජන නාට්‍යයක්  රඟදක්වන ලදි . එදා සමාජයේ පැවති කුල මල භේද  හා නිලතල දරන්නන් ගේ නොමනා ක්‍රියාවන්ට මෙම ජන නාට්‍ය ඇසුරින් පහර ගසන ලදි.  කෝලම් ජන නාට්‍යයේද නාට්‍යමය  ලක්ෂණ  දැකගත හැකිය.  ඉන්පසුව නාඩගම නම් ජන නා