ආයුබෝවන් ඔයාල හැමෝම මම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව මෙන්ම ලෝක නාට්‍ය කලාව ගැන මා සතු දැනුම හුවමාරු කරගන්න කැමතියි.
ශාන්ති කර්ම හා ඒවායෙහි දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ
ලාංකීය ජනයා පුරාණයේ සිටම විවිධ ඇදහිලි විශ්වාස ඤාති කොටගෙන පැමිණෙයි. ස්වභාවිකත්වය දේවත්වයට ආරෝපණය කිරීම, මළවුන් පිදීම, යක්ෂයන්ට දොල පිදේනි දීම, දෙවියන්ට පූජා පැවැත්වීම යනාදිය ඒ අතර ප්රමුඛ වේ. බොහෝවිට මේවා'උපද්‍රව ගෙන ඒය' යන බියමුසු භක්තියකින්ද සශ්‍රීකත්වය ළ`ගා කර ගැනීමට ද සිදු කෙරිණී. ඒ හා සම්බන්ධ පුදපූජාදියද ඊට සමගාමීව ක්‍රියාත්මක වෙමින් පැමිණේ. යථෝක්ත ඇදහිලි විශ්වාස හා තදාශ්‍ර්‍ර්‍රsත ශාන්ති කර්මාදිය බුදුදහමට පටහැනි ක්‍රියාවක් ලෙස ගැමියෝ කිසිදින නොසිතූහ. අසාධ්‍ය රෝග සුව කිරීමාදී පෞද්ගලික පරමාර්ථද කෙත්වතු සශ්‍රීකත්වය, වසංගත රෝගාදී පොදු පරමාර්ථ ද ශාන්ති කර්මයන්ට අරමුණු වේ. උවදුර, ප්‍රදේශය, විශ්වාසවල ස්වභාවය යනාදිය මත ශාන්ති කර්ම විවිධ වෙයි. මෙම ලිපිය මගින් තත් ශාන්ති කර්ම හා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන නාට්‍යමය ලක්ෂණ පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරේ. සන්නි යකුම සන්නි යකුම වූ කලී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදු කරන යාතු කර්මයකි. මෙයින් ප්රමුඛ සම්ප්රදාය තුනකි. ඒ බෙන්තර, රයිගම හා මාතර සම්ප්රදායයන්ය. සන්නි යකුමෙහි විශේෂත්වයක් වන්නේ යකැදුරන් සන්නි දහ අට මවා පෑමයි. මෙහිදී සන්නි යකු...
මධ්‍යකාලීන යුරෝපීය නාට්‍ය කලාව පිළිබඳ විස්තර කරන්න පුලුවන් ද
ReplyDelete