Posts

Showing posts from January, 2018

ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ

Image
ලාංකීය ජනයා පුරාණයේ සිටම විවිධ ඇදහිලි විශ්වාස ඤාති කොටගෙන පැමිණෙයි. ස්‌වභාවිකත්වය දේවත්වයට ආරෝපණය කිරීම, මළවුන් පිදීම, යක්‍ෂයන්ට දොල පිදේනි දීම, දෙවියන්ට පූජා පැවැත්වීම යනාදිය ඒ අතර ප්‍රමුඛ වේ. බොහෝවිට මේවා'උපද්‍රව ගෙන ඒය' යන බියමුසු භක්‌තියකින්ද සශ්‍රීකත්වය ළ`ගා කර ගැනීමට ද සිදු කෙරිණී. ඒ හා සම්බන්ධ පුදපූජාදියද ඊට සමගාමීව ක්‍රියාත්මක වෙමින් පැමිණේ. යථෝක්‌ත ඇදහිලි විශ්වාස හා තදාශ්‍ර්‍ර්‍රsත ශාන්ති කර්මාදිය බුදුදහමට පටහැනි ක්‍රියාවක්‌ ලෙස ගැමියෝ කිසිදින නොසිතූහ. අසාධ්‍ය රෝග සුව කිරීමාදී පෞද්ගලික පරමාර්ථද කෙත්වතු සශ්‍රීකත්වය, වසංගත රෝගාදී පොදු පරමාර්ථ ද ශාන්ති කර්මයන්ට අරමුණු වේ. උවදුර, ප්‍රදේශය, විශ්වාසවල ස්‌වභාවය යනාදිය මත ශාන්ති කර්ම විවිධ වෙයි. මෙම ලිපිය මගින් තත් ශාන්ති කර්ම හා ඒ ආශ්‍රිතව දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‌ෂණ පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරේ. සන්නි යකුම   සන්නි යකුම වූ කලී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදු කරන යාතු කර්මයකි. මෙයින් ප්‍රමුඛ සම්ප්‍රදාය තුනකි. ඒ බෙන්තර, රයිගම හා මාතර සම්ප්‍රදායයන්ය. සන්නි යකුමෙහි විශේෂත්වයක්‌ වන්නේ යකැදුරන් සන්නි දහ අට මවා පෑමයි. මෙහිදී සන්නි යකු

රංග භූමි

Image
රංග භූමිය යනු ? නාට්‍යයක් රඟ දක්වන ඕනෑම ස්ථානයක් රංග භූමියක් වශයෙන්  හඳුන්වනු ලබයි. රංග භූමියක තිබිය යුතු මුලික  ලක්ෂණ . රංග භූමිය සමතලා භූමියක් විය යුතුයි. රඟපෑම්ට ප්‍රමාණවත් අවකාශයක් තිබිය යුතුයි. ප්‍රේක්ෂක පිරිසකට පහසුවෙන් නැරඹිය හැක්කේ පිහිටා තිබිය යුතුයි. රංගන ශි ශිල්පීන්ට අවශ්‍ය අවම පහසු පහසුකම් වලින් වත් රංගභූමි සමන්විත විය යුතුයි. ප්‍රමාණවත් ආලෝකයක් තිබිය යුතුයි . රංග භූමියේ  විකාශනය. අපි බලමු කොහොමද රංග භූමි විකාශනය වුණේ  කියලා. දඩයම් යුගයේ මිනිසා ගිනිමැලය වටා සිය රංගනය ඉදිරිපත් කළා. ප්‍රථම රංග භූමිය විදියට එය  නම් කළ හැකියි. අතීත ග්‍රීක වැසියන් දියෝනීසස් දෙවියන්ට පූජෝපහාර කිරීම සඳහා පොලිස් කඳු පාමුල දහස් ගණන් එකතු වූයේ ගීතිකා කියමින් රංගන කටයුතු කර එම ස්ථානය පසුකාලීනව භූමියක් බවට පරිවර්තනය  වුණා. ොව පැරණිම රංග භූමියක් ලෙස ග්‍රීක වේදිකා හැඳින්විය හැකියි . https://www.youtube.com/watch?v=PswU6wjhPnk ඉන්පසු අභිචාර ක්‍රම අසුරු කොටගෙන ශාන්තිකර්ම බිහිවුණා. ශාන්තිකර්ම රඟදක්වන ලද  ස්ථානය යාග භූමිය  හැඳින්වූවා.    පසුකාලීනව   ගැමි