සිංහල නාට්‍ය කලාවේ ඉතිහාසය 

  දඩයම් යුගයේ ජීවත් වූ මිනිසා සිය ආහාර සපයා ගැනීම සඳහා දඩයමේ  ගොස් සතුන් මරාගෙන පැමිණි රාත්‍රි කාලයේ ගිනිමැලය වටා එක්රොක් වී එම ආහාර භුක්ති විඳිමින් තමා දඩයම් කළ ආකාරය අනෙක් පිරිස ඉදිරියේ රඟ දක්වමින් ඉදිරිපත්   කරන ලදී. ලාංකීය නාට්‍ය කලාවේ මූලාරම්භය මේ යුගයේ ඇති වූයේ යැයි නිගමනය කළ හැකිය.   කල්යත්ම  ජනයා ගස් ගල් ආදිය හා මළගියවුන්ට දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන ලදී. මේ කරන ලද අභිචාර ක්‍රම වලta නාට්‍ය කලාවේ  අංකුර  අවස්තා දැකගත  හැකිය. පසුකාලීනව ගොවි  යුගයේ මිනිසා  තම  අස්වැන්න කපා පාගා විවේක සුවයෙන් ගත කළ කාලයේ කමත  ආශ්‍රිත කොට ගෙන  දෙවියන් පිදීම අරමුණු කොටගෙන හා   විනෝදාස්වාදය උදෙසා  සොකරි නම්  ජන නාට්‍යයක් උඩරට ප්‍රදේශයේ ආශ්‍රිතව  රඟදක්වන ලදි.   සොකරි ජන නාට්‍යයේ නාට්‍යමය  ලක්ෂණ දැක ගත හැකිගත

   පසුකාලීන  යුගයේ පහත රට ප්‍රදේශ ආශ්‍රිතව කෝලම්  නම් ජන නාට්‍යයක්  රඟදක්වන ලදි . එදා සමාජයේ පැවති කුල මල භේද  හා නිලතල දරන්නන් ගේ නොමනා ක්‍රියාවන්ට මෙම ජන නාට්‍ය ඇසුරින් පහර ගසන ලදි.  කෝලම් ජන නාට්‍යයේද නාට්‍යමය  ලක්ෂණ  දැකගත හැකිය.

 ඉන්පසුව නාඩගම නම් ජන නාට්‍යයක් මුහුදුබඩ කලාපය ආශ්‍රිතව ප්‍රචලිත් විය. මෙය ඉන්දියානු තෙරික්කුයත්තු නම් නාට්‍යයෙහි ආභාෂයෙන් බිහි වූවකි .  කතෝලික ආගම ප්‍රචාරනය මෙහි අරමුණ  විය. සොකරි,  කෝලම් වලට  වඩා නාට්‍ය මය ගුණය අතින් නාඩගම් ඉහල  තැනක පැවතුණි.
 නාඩගම් පිරිහීම්ත් සමග ඉන්දියාවේ සිට පැමිණි නූර්ති නම් නාට්‍ය විශේෂය ලංකාවේ ප්‍රචලිත විය  .ශ්‍රී ලාංකීය යාතුකර්ම හා සොකරි, කෝලම් , නාඩගම් හා නූර්ති  යන ගැමි නාට්‍ය ශ්‍රි ලාංකීය  නාට්‍ය කලාවේ  ආරම්භක අවස්ථාව ලෙස සැලකිය හැකිය.


Comments

Post a Comment

Popular posts from this blog

රංග භූමි

ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ