ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භය

 ග්‍රීක නාට්‍ය කලාවේ ඇරඹුම ලෙස සනිටුහන් වන්නේ Middle Archaic Period හි මධ්‍ය භාගය වන, දළ වශයෙන් ක්‍රි.පූ. 6 වන සියවසේ අවසන් වකවානුවයි. එම යුගයේ පටන් නාට්‍ය කලාවක් යැ යි නො දැන ආරම්භ වූ මෙම නාට්‍ය කලාව ඒ ඒ සමයන්හි දී ක්‍රමික විකාශනයකට ලක් වෙමින් ස්වභාවික කඳු ආශ්‍රිත පහත් බිමක රංගගත කිරීමේ සිට අති විශිෂ්ට තාක්ෂණයක් භාවිතයෙන් නිම වූ සුවිසල් රංග පීඨ දක්වා වර්ධනය වූ වේදිකාවේ විකාශනය ද ඔස්සේ අත් කර ගනු ලැබූ ඉමහත් දියුණුව සාකච්ඡාවට ලක් කළ යුත්තකි. උක්ත උධෘතය යටතේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ග්‍රීක ප්‍රේක්ෂකාගාරටය් ආරම්භය සහ වර්ධනය පිළිබඳ ව යි. එහෙත් නාට්‍ය කලාවකින් තොර නාට්‍ය රඟමඬලක් පිළිබඳ ව සඳහන් කළ නො හැක. එහෙයින් මෙහි දී ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භයේ සිට එහි වර්ධනීය අවධි ඔස්සේ යමින් ඒ හා සමග ම ක්‍රමයෙන් විනසනයට පාත්‍ර වූ ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ අභිවර්ධනය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

ග්‍රීසියේ නාට්‍යාරම්භයට පසුබිම

ග්‍රීසියේ නාට්‍යාරම්භය පිළිබඳ ව විමසා බලන කල්හි ලොව සෑම ශිෂෟටාචාරයකට ම පාහේ පොදු වූ සාධකයක් ඉතා පැහැදිලි ව හෙළි වේ. එනම්, සෑම ශිෂ්ටාචාරයක ම පාහේ ග්‍රීසියේ ද නාට්‍ය කලාවේ සම්භවය දක්නට ලැබෙන්නේ පොදු ජන ලබ්ධිය ඇසුරින් වන බව යි. ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ඇරඹුම සහ වර්ධනය පිළිබඳ ව සඳහන් කිරීමේ දී එම ප්‍රේක්ෂකාගාරයෙහි රඟ දැන් වූ උක්ත නාට්‍යයන්ගේ මූලාරම්භය පිළිබඳ ව අනිවාර්යයෙන් ම සඳහන් කළ යුතු ව ඇත. ‍ඉපැරණි ග්‍රීක නාට්‍ය Diyonisus දේව ඇදහිල්ල මගින් මතු වී වර්ධනය වූවකි. එකී දෙවියා මද්‍යසාරයට, කෙතට, ගොයමට එනම් පොදුවේ ගත් කල්හි සශ්‍රීකත්වයට අධිපති ලෙසින් පුරාණ ග්‍රීකයෝ ඔහු වන්දනයට පාත්‍ර කර තිබේ.  පශ්චාත්කාලීන ව නාට්‍ය බවට විකසනය වූ ඩයොනීසස් පූජාව වසන්ත සමයේ පැමිණීම පතා පැවැත්වෙන අභිචාර විධියක් බවට පත් විය. මුල් කාලයේ ‘‘රති උත්සව” සහ ‘‘මධුපාන උත්සව” ද මෙම පූජා කර්මයෙහි ම කොටසක් විය. මෙම ඩයොනීසස් ඇදහිල්ල ක්‍රි.පූ.13 වන සියවස තරම් ඈත අවධියක දී සුළු ආසියාවේ සිට ග්‍රීසිය දක්වා ගෙන ආවක් බව සැලකේ.

දියෝනිසස්  පූජෝත්සවය පවත්වන ලද්දේ  මිදි ඵල හට ගන්නා සමයේ දී ය. මෙම උත්සව වල දී එයට සහභාගී වන බැතිමතුන් ඒ සඳහා එක් වන්නේ හොඳින් මත්පැන් බී, නන් විධ විකාරරෑපී වෙස් මුහුණු සහ ලියවැල් ඔටුණු පැළඳ, දෑතින් මිදි වැල් සහ ලිංග සංකේත සහිත ව ය. තව ද මෙහි දී ඔවුන් නටමින් ගී ගයමින් සැනකෙළියේ යෙදුණු අතර ස්ත්‍රී පුරැශ මෛථුන කටයුතු ද  මෙම උත්සවයේ ම අංගයක් ලෙස සිදු වී ඇත. මිදි අස්වැන්න පාදක කොට ගෙන මෙම පූජා කර්ම ඇති වීම ද සැලකිලිමත් විය යුතු සාධකයකි.  ඔවුන් මිදි සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කරන ලද වස්තුවක් ලෙසිනි. එහෙයින් මිදි යුෂ පානය කිරීම තුළින් දෙවියන් තමන් තුළට ආරෑඪ කර ගැනීමක් පුරණි ග්‍රීකයින් බලාපොරොත්තු වූ බව සිතිය හැකි ය. කෙසේ වෙතත් මෙම උත්සව පවත්වා තිබෙන්නේ දේශයේ සශ්‍රීකත්වය, පොදු සමෘධිය, එකමුතු බව සලකා අභිචාර ක්‍රමයක් ලෙස බව උක්ත සාධක මත පදනම් ව උපකල්පනය කළ හැකි ය.

ඒ අනුව ග්‍රීක නාට්‍ය කලාවේ මූපාරම්භක පියවර වූ මෙය මගින් හෙළි වන ප්‍රබල සාධකය වන්නේ, ඔවුන් දෙවියන් උදෙසා පැවැත් වූ අභිචාර කුමයක කාලානුරෑප විකාශනයක් වන බව යි. නාට්‍ය කලාවට ආවශ්‍යයික වූ ‘‘නෘත්‍ය” අංගය ඇති වූයේ මේ ආකාරයෙන් බව කිව හැකි ය. ග්‍රීක නාට්‍ය කලාවේ මූලාරම්භක අවස්ථාවේ දී ම ඩයොනීසස් දෙවියන්ගේ උපත, වර්ණනයත් ගුණ ගායීමත් සඳහා වූ ස්තෝත්‍ර සහ ආඛ්‍යාන ස්වරෑපය සහිත ගීත හඳුනා ගත හැකි ය. ඒවා ගයන ලද්දේ කාන්ඩ දෙකක් ලෙස බෙදී උත්තර සහ ඒවාට ප්‍රත්‍යුත්තර වශයෙනි. එසේ නො මැති නම්, නායකයා එක් පදයක් ගැයූ විට සෙසු පිරිස තවත් පදයක් ගයා ඇත. ග්‍රීක තාට්‍යෙය් වාචිකාභිනය ප්‍රභවය ලද්දේ මේ අයුරින් බව පෙනේ. ඒ අනුව රංග පීඨ නිර්මානය වීමට ප්‍රථම ග්‍රීක දෙවියන් උදෙසා පැවැත් වූ අභිචාරයන් නාට්‍යක් ගෙල මුල් වරට ප්‍රභවය ලද ආකාරය හඳුනා ගත හැකි ය.

ග්‍රීක නාට්‍යයේ ප්‍රභවය

උක්ත දැක් වූ පරිදි ග්‍රීක නාට්‍ය ආරම්භය සඳහා මූලික පදනම වැටී ඇත්තේ දියෝනිසස්  දෙවියන් උදෙසා පවත්වනු ලැබූ බිලි පූජා සහ වෙනත් පුද පූජාවන්, වයින් නිශ්පාදනය කළ මිදි අස්වැන්න නෙළා ගත් පසු ව සිදු කිරීම තුළිනි. හෙරඩෝටස් නම් ඉතිහාසඥයා පවසන්නේ, මෙම පූජෝත්සවයේ ඇරඹුම මුල දී ඊජිප්තුවේ සිදු වී පසු ව Attika ප්‍රෙද්ශයට සංක්‍රමණය වූ බවයි. කෙසේ වුව ද ග්‍රීක නාට්‍යාරම්භයේ මූලික පියවර සනිටුහන් කරන මෙම මුල් ම පූජා කර්මයන් ග්‍රීක ප්‍රේක්ෂකාගාරය දක්වා යන ගමනේ ආරම්භක අවස්ථාව ලෙසින් සඳහන් කිරීම වැදගත් වේ. තව ද සෑම වර්ෂයක ම ඩයොනීසස් පූජෝත්සව හතරක් පවත්වා ඇති බව දක්නට ලැබේ.

           The Rural Diyoneesiya (දෙසැම්බර් – ජනවාරි). මෙහි දී සශ්‍රීකත්ව සංකල්පයට හේතු වූ ලිංග පූජා සිදු කර ඇත. තවද ඩයොනීසස් දෙවියන් උදෙසා ‘‘අල්තාරය” මත එළුවකු බිලි දී ඇති අතර ජනයා නැටුම් ගැයුම් පවත්වා විනෝද වී ඇත. මෙහි දී අවධාරණය කළ යුතු වන්නේ මෙකී පූජා කර්ම පවත්වා ඇත්තේ එළිමහනේ වීම යි. ඒ සඳහා වේදිකාවක් හෝ වෙන යම් ගොඩනැගිල්ලක් නො තිබී ඇති අතර ඒවා විවෘත අංගනයක තිබූ අල්තාරයක් මත පවත්වා ඇත.

           Leniya. මෙම උත්සවය ඔවුන් පවත්වා ඇත්තේ ඔවුන් විසින් The marriage month ලෙස හැඳින් වූ සමයේ දී ය. ග්‍රීසියේ සුඛාන්ත නාට්‍ය ප්‍රභවය වීමට ඉවහල් වූයේ මෙම උත්සවය බව පිළිගැනේ.

            Anthestrelia (පෙබරවාරි – මාර්තු මුල් සමය). මෙම උත්සවය නාට්‍යමය ඉදිරිපත් කිරීම් සඳහා යෝග්‍ය නො වූ අතර මෙම සමයේ උත්සව පවත්වා ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

          Great Diyonisiya (මාර්තු – අප්‍රේල් මුල් සමය). ශෝකාන්ත නාට්‍ය පළමු ව ඉදිරිපත් වූයේ මෙම උත්සව සමයේ වන අතර ඉතා වැදගත් ම කාලය වන්නේ වසරේ මෙම උත්සව කාලය යි (Boardman 1993).


Comments

  1. ඉගෙනීමට ගොඩක් හොද දෙයක්👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රංග භූමි

ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ